පාස්කු කොමිෂන් වාර්තාව විකෘති කලාද ? දෙන්නෙක් ගැන සැකයි - ඥානසාර හිමි

පාස්කු කොමිෂන් වාර්තාව විකෘති කලාද ? දෙන්නෙක් ගැන සැකයි - ඥානසාර හිමි
අනාගත දේශපාලන බල උවමනාව සඳහා කාගේ හෝ තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් මත පාස්කු කොමිෂන් සභා වාර්තාවට බොදු බල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවට සැකයක් මතුවන බව බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
 
ඒ ඊයේ (23)  පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
 
තව අවුරුදු 5කින් ජනාධිපති හෝ අගමැති වීමට බලාගෙන ඉන්න කවුරුන් හෝ සෘජුවම මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සමග එකතුව මහා ධනස්කන්දයකට විකෘති  කළා දැයි සැකයක් මත්වන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.
 
අන්තවාදී ක්‍රියා හෙලිකිරීම වරදක් නම් අපිත් ඕන දේකට මුනුන දෙන්න තමන් වහන්සේ ලෑස්ති බව සඳහන් කර සිටි ඥානසාර හිමියන් බොහෝ අවස්ථාවල න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කල බොදු බල සේනා මැඩ පැවැත්වීමට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම උත්සාහ කරනු ලැබූ බවත් පැවසීය. 
 
කොමිසමේ වාර්තාව විකෘති  කර ඇති බවට හැඟී යන බැවින් කොමිසමේ සාමාජිකයන් ඒ පිළිබඳව ප්‍රසිද්ධ  ප්‍රකාශයක් කල යුතු බව ඥානසාර හිමි වැඩිදුරටත් සඳහන් කරන ලදි.
 
පාස්කු කොමිසමේ දී තමන් වහන්සේ සාක්ෂි ලබා දෙමින් සිටියදී විල්පත්තු වන සංහාරයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රභලයෙකුගේ නමක් තමන් වහන්සේ කොමිසමට ලියා දුන් බවත් ඔහුගේ මැදිහත් වීමෙන් කොමිෂන් සභා වාර්තාව විකුර්ති කළා දැයි සැකයක් තිබෙන බවත් ඥානසාර හිමි පැවසීය. 
 
එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බවත් තමන් වහන්සේ කොමිසමට පැවසූ බවත් කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන බැවින් කොමිෂන් සභා වාර්තාව විකෘතියක්  බවට පත්කිරීමට ඔහුගේ මැදිහත්වීම ලබුනේදැයි සැක මතුවන බවත් පැවසීය.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න