Language Switcher

V2025

ඉන්දියාවේ සීරම් අපට පල නොකියා පළා බෙදනවාද? දේශීය කොවිඞ් එන්නත් වැඩසටහන අර්බුදයකට ලක්වන ලකුණූ!!!

ශ‍්‍රී ලංකා රජය විසින් මේ රටේ ජනතාවගේ එන්නත්කරණය සඳහා ඉන්දියාවේ සීරම් ආයතනය වෙතින් එන්නත් මිලියන 1.5ක් ලබා ගැනීම සඳහා පසුගියදා මුදල් ගෙවනු ලැබූවත් එම එන්නත් වල දෙවන හා තෙවන තොග ලබාදීම ප‍්‍රමාද වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබේ.

COVISHIELD එන්නත් මාත‍්‍රාවක් සඳහා ඩොලර් 5.25ක් බැගින් වන සේ එන්නත් මාත‍්‍රා ලක්ෂ පහළොවක් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ලබා ගැනීම සඳහා පසුගියදා රජය කටයුතු කරණූ ලැබීය. එම මිලදී ගැනීම් සිදුවූයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහාය. මෙහි ලක්ෂ පහක එන්නත් තොගය පෙබරවාරි අගභාගයේදී මෙරටට ළඟා විය. ඉතිරි එන්නත් මාත‍්‍රා මිලියනය මාර්තු මැද භාගයේ හා අපේ‍්‍රල් මාසයේදී ලබා දීමට මූලික සාකච්ඡුා වලදී එකඟතාවයන් ඇති විය.

944547 adar poonawallaඑසේ ඇති කරගත් එකඟතා අනූව අපේ‍්‍රල් මාසයේදී කොටසක් ලබාදිය හැකි බවත් ඉතිරිය ලැබෙන දිනයක් ගැන කතා කරනවා වෙනුවට අවශ්‍ය නම් මේ ඇණවුම අවලංගු කර අත්තිකාරම ගෙවිය හැකි වන බවත් සීරම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආදර් සී පූනවාලා විසින් ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන මහතා වෙත මාර්තු 3 දාතමෙන් ලිපියක් එවමින් දන්වා තිබේ.

Serum Institute of Indiaආයතනය මගින් COVISHIELD එන්නත නිපදවනු ලබන්නේ මහා බි‍්‍රතාන්‍යයේ AstraZeneca ආයතනයෙන් පිරිනැමුණූ උප බලපත‍්‍රයක් යටතේය. ඒ එකඟතා අනූව මෙතෙක් එන්නත් ලබාදුන් පිළිවෙල වෙනස් කරමින් Serum Institute of India විසින් තම අභිමත රාජ්‍යයන් වෙන් වෙන් වශයෙන් කරණූ ලබන ඉල්ලීම් පිට පාරෙන් ලබාදීමේ වැඩසටහනක්ද දියත් කළේය. ගැටළුව ඇතිවූයේ මෙතැනය. බොහෝ දුරට ස්වකීය ප‍්‍රමුඛතා සාධනය වෙනුවෙන් වෙනත් පාරකින්ද ඇණවුම්ද ගැනීම නිසා මේ වන විට පෙර අත්තිකාරම් කළ ඇණවුම් පවා ප‍්‍රමාද කරන්නට කටයුතු කරමින් සිටී.

serum 1610867550කෙසේ වෙතත් පසුගිය කාලයේදී ආයතනයේ ගොඩනැගිලි පර්යන්තයක් ගිනි ගැනීම නිසාද නිෂ්පාදන ඉලක්ක පමුණූවා ගැනීමට බාධා ඇතිව තිබෙන බව සීරම් ආයතනය පවසන මුත් අපට අත්තිකාරම් කළ එන්නත් තොගය හෝ ලබා දීමට කටයුතු නොකිරීම කනස්සල්ලට කරුණකි.

මේ ගැන අදහස් දක්වන සීරම් ආයතන ප‍්‍රධානියා, මේ තත්ත්වය යටතේ ඔබට අපේක්ෂා කළ කාල වකවානුවේදී එන්නත් තොගය ලබා දීමට නොහැකි වීම ගැන කණගාටුවට පත් වන බවත්, මේ සම්බන්ධයෙන් ඔබට සුදුසු යයි හැෙඟන විකල්ප ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙසටත් කටයුතු කරන ලෙසට වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන වෙත දැණූම් දුන්නේය. අප ලබාදුන් ඇණවුම අවලංගු කර ගනිමින් දුන් අත්තිකාරම නැවත ලබා ගන්නා ලෙස හෝ ප‍්‍රමාදය ඉවසමින් කටයුතු කරන්නේද යන්න ගැන තමන්ට දන්වන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඉදිරියේදී එන්නත් මාත‍්‍රා මිලියන දහයක් ලබා ගැණීමේ සැලැස්මක්ද රජයට විය. මේ තත්ත්වය යටතේ එවන් ඉලක්කයක් සපුරා ගන්නේ කවදාද? සීරම් ආයතනය ගැන විශ්වාසය තවදුරටත් තබා ගැනීමෙන් අපේ ජනතාව අනතුරේ වැටේද යන කුකුස දැන් අපේ සෞඛ්‍ය බලධාරීනට ඇතිව තිබේ. ශ‍්‍රී ලංකාව දිගු කාලයක සිට ජගත් ජනාදරය දිනූ ලාංකේය ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා විශාල වශයෙන් එන්නත් ලබා ගත්තේ ඉන්දියාවේ මෙම සීරම් ආයතනයෙනි.

මේ රටේ බලාපොරෙත්තු බිඳ දමන ලිපිය එවූ බදාදා දිනයට පසුදා ලෝක බැංකුව විසින් දකුණූ ආසියාවේ ජනතාවට ආරක්ෂිතව කොවිඞ් එන්නත ලබා ගැනීම සඳහා සාධාරන හා පුළුල් ප‍්‍රවේශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ Zoom සාකච්ඡුාවක් පැවැත්විණ. සීරම් ආයතනයේ අදාර් පූනවල්ලා මෙන්ම අපේ රටෙන් ජාතික එන්නත් කාර්ය සාධන බලකායේ ප‍්‍රධානි ලලිත් වීරතුංග මහතාද මීට සහභාගි විය.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් සපයන ස්වාධීන විශේෂඥ කමිටුව විසින් රුසියාවේ ස්පුට්නික් v එන්නත හදිසි භාවිතය සඳහා අවසරය ලබා දීම මැනවයි නිර්දේශ කරන අතර ඒ අනූව යමින් එම අවසරය පසුගියදා රජය විසින් ප‍්‍රකාශයට පත් කළේ මෙරටට ජනතාවගේ භාවිතයට ගන්නා දෙවන කොවිඞ් එන්නත වශයෙන් ලබාදීමට පසුබිම සලසමිනි. නමුත් එන්නත සඳහා මේ වන තුරුද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය නොමැති මුත් රටවල් විශාල ප‍්‍රමාණයක් මේ එන්නත ලබා දෙමින් ජනතාව ආරක්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටී. මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය භාවිතය සඳහා අවසර ලබාදී ඇත්තේ ෆයිසර් හා ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් වලට පමණි.

සීරම් ආයතනය බංගලිදේශයට කොවිෂීල්ඞ් එන්නත ලබාදුන්නේ එකක් ඩොලර් හතර බැගිනි. අපට එය පහයි විසි පහක් විය. දකුණූ ආසියාතික අසල්වැසියන් බොහෝ දෙනෙකුට ලක්ෂ විස්ස, පහළොව බැගින් ත්‍යාග වශයෙන් එන්නත් ලබාදීමට ඉන්දියාව නොමසුරු විය. අපට එන්නත් මිලියන පහක් හෝ ලබාදීම ගැන අපද ස්තූති වන්තද වෙමු.

ඉන්දියාවේ ජගත් තලයේ ව්‍යාපාරිකයන් හා ඉන්දීය රජය අතර ඇත්තේ අවියෝජනීය වූ සම්බන්ධතාවයකි. පසුගියදා වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව මේ රාජ්‍යතාන්ත‍්‍රික-ව්‍යාපාරික සහයෝගිතාවයේ එක් පැතිකඩක් නිරූපනය වූ අතර කොවිෂීල්ඞ් එන්නත හරහාද දැන් මේ හොඳ හිත තවදුරටත් පළුදු නොවේවා යයි අප ප‍්‍රාර්ථනා කරමු.

Bharata Gunathilaka - Editor- In-Chief

Healthwatch Lanka Pvt. Limited