කලු ඉරිදා විරෝධය ලොව පුරා…ඉතාලියත් කලු ඉරුදින දේව කන්නලව්වක…..

කලු ඉරිදා විරෝධය ලොව පුරා…ඉතාලියත් කලු ඉරුදින දේව කන්නලව්වක…..

වර්ෂ 2019 අප්‍රේල් මස 21වන දින සිදුකළ මිලේච්ඡ කුරිරු පාස්කු ප්‍රහාරයෙන් අහිමි කළ ජීවිත 268ත් සදාතනික ආබාධිත තත්වයට පත්කල අප සහෘද ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ලොව පුරා කලු ඉරිදා විරෝධතාවට විදෙස්ගත ප්‍රජාව හා ඒ ඒ රටවල පුරවැසියන් හා ආගමික ස්ථාන වල සහය ලැබෙමින් පවතින අතර ඉතාලියේ මිලානෝ නගරයේ Santuario di San Bernardino පල්ලියේදි පාස්කු ප්‍රහාරයට ලක්වූ, සියල්ලන්ම වෙනුවෙන් ඉතාලියේ කිතුනු ජනතාවගේ ශෝකය හා අප්‍රසාදය පල කර විශේෂ දේව මෙහෙයක් සිදු කරමින් පවතී…….

ඉතාලි ජාතිකයන් මෙන්ම විවිධ ජාතීන් මෙම දේව මෙහෙයට එක්වෙමින් කුරිරු මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකරන ලෙසට ඔවුන් ඉටි පහන් දල්වා කන්නලව් කිරීම කලු ඉරිදාවට ජාත්‍යන්තර අවධානයක් එක් කරමින් සාර්ථක වීමට හේතුවක් විය….

ශ්‍රීලංකාවට සමගාමීව 2021 අප්‍රේල් 21 වනතුරුම යුක්තිය හා සැබෑ සාධාරණ ඉටුවන තෙක්ම කලු ඉරිදා විශේෂ දේව මෙහෙය සංවිධානය කිරීමට ඔවුන් බලාපොරොත්තු වනු ඇත….

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ ඉතාලිය.

{gallery}black-sunday-italy{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න