ඇමති ජොනීගේ අලුත් වැඩේ : අපේ ගමේ අපේ කඩේ !

ඇමති ජොනීගේ අලුත් වැඩේ : අපේ ගමේ අපේ කඩේ !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටු දැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්‍ය සාධක බලකාප්‍රධානී බැසිල් රාජපක්ෂගේ සංකල්පයක් පරිදි  කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි තෝරාගත් එක් මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  හා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා  පවසති.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම වැඩසටහන අද (08) දින ආරම්භ කෙරේ. 

මේ අනුව සෑම ගමකින්ම කාන්තා ව්‍යවසායිකාවක් බිහි කරමින් ආර්ථික ක්‍රියාවලියට ඔවුන්ගේ සෘජු දායකත්වය ලබාගැනීම රජයේ අපේක්ෂාවයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉදිරිපත් කළ රට හදන "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීම මුලික කොටගෙන ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටුදැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.  "සෞභාග්‍යයේ දැක්ම" වැඩපිළිවෙල අනුව යමින්  ගමේ යටිතල පහසුකම් සංවර්ධනය හා අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය නගා සිටුවීම මෙහි අරමුණ වන අතර මෙය ක්‍රියාත්මක කිරීමෙන් පවුල් 14,022 ක ආර්ථිකයද ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා. 

මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු අමාත්‍යාංශය, වෙළද අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරුන් සඳහන් කළේය.

IMG 20210307 WA0007

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න