ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය SLBJP නව දේශපාලන පක්ෂයක් අරඹයි

ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය  SLBJP නව දේශපාලන පක්ෂයක් අරඹයි

ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය (SLBJP )වශයෙන් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී ආරම්භ කොට තිබේ.

මෙම පක්ෂයේ නායකයා වශයෙන් වී.මුත්තුසාමී කටයුතු කරණ අතර ඔහු හා පක්ෂයේ සෙසු සාමාජිකයින් විසින් යාපනය මාධ්‍ය සමාජ සංගම් ශාලාවේදී 06 දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ දෙමළ කතා කරන සියලුම දෙනා වෙනුවෙන් මේ පක්ෂය පිහිටවූ බවත් එය ඉතා ඉක්මනින්ම ලියාපදිංචි පක්ෂයක් බවට පත් කරණ බවයි.

දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් මේ රටේ බොහෝ දේශපාලන පක්ෂ ඇති නමුත්, එම පක්ෂවල නායකයෝ දෙමළ ජනතාව යාපනයේ දෙමළ වතුකරයේ දෙමළ කදුකරයේ දෙමළ, කොළඹ දෙමළ හා ඉන්දියානු දෙමළ වශයෙන් වර්ග කොට ඇති නිසා කිසිම දෙමළ ජනතා කොටසකට එම පක්ව‍ෙලින් යහපතක් නොමැති බව ශ්‍රී ලංකා භාරතී ජනතා පක්ෂයේ නායක වී.මුත්තුසාමී  සදහන් කළේය.

අධ්‍යාපනයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී හා බොහෝ අවස්ථාවලදී දෙමළ ජනතාව විවිධ කොටස්වලට බෙදා වෙන් කොට තිබීම නිසා දෙමළ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බව කී පක්ෂ නායකයා මෙම පක්ෂයේ ශාඛා කොළඹ, මහනුවර, නුවර එළිය ඇතුළු පළාත් ගණනාවක පිහිටුවා නායකයින් පත් කරන බවද පැවසීය.

විවිධ ගම් නිසා ආන්තික වශයෙන් මේ රට තුළ බෙදී සිටින දෙමළ ජනතාව ඉන් මුදා ගැනීමද පක්ෂයේ එක් ප්‍රතිපත්තියක් බව කී ඔහු විනාශ වී යන දෙමළ සංස්කෘතිය ආරක්ෂා කිරීම එහි තවත් අරමුණක් බවද පැවසීය.

මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂයේ නායකයාගෙන් විවිධ ප්‍රශ්න නැගීම නිසා එම මාධ්‍ය සකච්ඡාව පැය තුනහමාරකට වඩා වැඩි කාලයක් පවත්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න