වල්සපුගල ගොවීහූ යළිත් මාරාන්තික උපවාසයක

වල්සපුගල ගොවීහූ යළිත් මාරාන්තික උපවාසයක

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කිරිම දිනෙන් දින ප්‍රමාද කරමින් ගොවි ජනතාව නොමග යැවිමට විරෝධය පළකරමින් දින 50 ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරතව සිටි වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද ප්‍රමුඛ ගොවීහු අද(07) නැවතත් මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

මාරාන්තික උපවාසය ආරම්භ කිරිමට පෙර සභාපති වරයා මෙසේ පැවසිය.

"හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරන බවට පාලකයන් දුන් පොරොන්දුව මේ වෙනකම් ඉටු කර නෑ. අපි සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ දින 50 ක් වෙනවා. මේ මොහොත වනතුරුත් පාලකයන් අපිට සීනි බෝල කතා කිය කියා ඉන්නවා මිසක් අපේ ගැටළුවට විසදුම් දුන්නේ නෑ. පාස්කු ප්‍රහාරයත් සමග මේ රටේ කළු ඉරිදාවක් නිර්මාණය වුනා වගේ දකුණෙනුත් කළු ඉරිදාවක් නිර්මාණය කිරිමට ඉඩ තියන්න එපා කියලා අපි පාලකයන්ගෙන් ඉල්ලනවා.

ඒ වගේම කියන්න ඕනේ අපි මෙතන අඛණ්ඩ සත්‍යග්‍රහයේ ඉද්දිත් මේ ප්‍රදේශයේ දේශපාලඥයෙක් මේ වන සතුන්ට ඉන්න තියෙන කැලේ තම හිතවතුන්ට කොටස් කර දෙමින් ඉන්නවා. වායු බලාගරායක් ගහන්න අක්කර 15 ක් වෙන්කරන්න යනවා මේ වන සතුන් ඉන්න භූමියෙන්. මේවගෙන් අපිට පේන්නේ පාලකයන්ට බලයට එන්න ජන්දය දුන්න මේ ජනතාව දිනෙන් දින වලපල්ලට ඇද දැමිමක් වගෙයි.

ඒ නිසා ඉවසුවා හොදටම ඇති. අපි අපේ ඉල්ලීම් දිනා ගැනිම වෙනුවෙන් හා සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් මා අද දෙවන වරටත් මාරාන්තික උපවාසයේ ආරම්භ කරනවා. මෙහිදි යළි කිසිදු අයුරකින් අපි මේ පාලකයන් සමග සාකජ්ජා සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපිට ඕනේ මේ සදහා විසදුමක් මිසක් සාකච්ජා නෙමෙයි. මගේ ජීවිතේ මෙතනින් අහවර වුනත් මේ සටන ජයගෙන මිසක් මන් මෙ මාරාන්තික උපවාසය නවත්වන්නේ නෑ." යැයි පැවසිය.

වල්සපුගල ගොවීන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ඉකුත් ජනවාරි 18 වැනිදායි.

වලව වම් ඉවුරේ ගොවි සංවිධාන 86 ක් මෙම සත්‍යග්‍රහයට සහය දෙන අතර, අද මාරාන්තික උපවාසය ඇරඹුවේ දෙවැනි වරටයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න