ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන් බන්ධනාගාරයට

ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන් බන්ධනාගාරයට

ස්වර්ණ මහල් ජුවලර්ස් ආයතයේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ,නාලක එදිරිසිංහ,දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සැකකරුවන් මාර්තු මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියන්ගේ මහතා අද 17 නියෝග කළේය.

ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් ආයතනය මහ බැංකුවේ මුදල් මණ්ඩලය ලබා දී තිබූ උපදෙස් නොතකමින් වසර 2012 වන විට රුපියල් බිලියන 7.2ක් නීති විරෝධී ලෙස තැන්පත්කරුවන්ගේ මුදල් ලබාගෙන ඇති බව සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් මෙහිදි අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර  අධිකරණය හමුවේ කියා සිටියාය.

මෙම ආයතනයට තැන්පත්කරුවන්ගේ මුදල් තැන්පතු ලබා ගැනීමට බලපත්‍රයක් නොමැතිව මුදල් තැන්පත් ලබා ගෙන ඇති බවත් 2011 අංක 05 දරණ මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කර ඇති බවත් එවැනි වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හෝ වසර පහකට සිරගත කිරීම ඇතුළු දඩුවම් ලබාදිය හැකි සංඥය වරදක් සිදු කර ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණය හමුවේ කියා සිටි අතර, සැකකරුවන් මුදල් විශුද්ධිකරණය පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවත් ඔවුන්ට ඇප ලබා දීමට විරුද්ධබවත් අධිකරණය හමුවේ දන්වා සිටියාය.

''මේ සිද්ධියට අදාළව විමර්ශන දැන් සිදු කෙරෙනවා. විමර්ශනයට අදාළව ලේඛන තිබෙන්නේ ඔවුන් ලග. විමර්ශනයට අදාළව ඔවුන් යටතේ සිටි සේවකයන්ගෙන් ප්‍රකාශ ගත යුතුයි. ඔවුන්ට ඇප ලබා දුනහොත් ඔවුන්ට බලපෑම් සිදු විය හැකියි. මොවුන්ට ඇප ලබා දීමෙන් විමර්ශන අඩාල විය හැකි'' යැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයසුන්දර  අධිකරණය හමුවේ පෙන්වා දුන්නාය.

2f4fd30d 1fca 498b afa8 828fe068ddb9

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න