චීන වැක්සීන් 31 එයි : පළමු මාත්‍රාව ගත්ත පකිස්ථාන් ජනාධිපතිට කොරෝනා !

චීන වැක්සීන් 31 එයි : පළමු මාත්‍රාව ගත්ත පකිස්ථාන් ජනාධිපතිට කොරෝනා !

කොරෝනා වෛරසය මැඩීමට  චීනයේ නිපදවූ සිනෝෆාම් එන්නත ( Sinopharm ) හෙට (31) දින මෙරටට ගෙන එන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව අද (30) පවසා සිටියේ කැබිනට් මණ්ඩල තීන්දු දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ විසින්ය.

සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් මෙරටට ලැබීමට නියමිත බවත්, එම එන්නත මුලින්ම මෙරට සිටින චීන ජාතිකයන්ට ලැබීමට සළස්වන බවත්  එහිදී අමාත්‍යවරයා පැවසීය.

පකිස්ථාන ජනාධිපතිට කොරෝනා : චීන වැක්සීනයේ පළමු මාත්‍රාව අරගෙන ඉඳලා තියෙන්නේ !

මේ අතර චීනයේ නිෂ්පාදිත  සිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සිටි පකිස්ථාන ජනාධිපති අරිෆ් අල්වි හට කොරෝනා ආසාදිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන් ජනාධිපති පවසා ඇත්තේ පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බවය.

wmkjh

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න