ලංගම වැනසීමේ කුමන්ත්‍රණයක් ගැන ජනාධිපතිට පැමිණිල්ලක් !

ලංගම වැනසීමේ කුමන්ත්‍රණයක් ගැන ජනාධිපතිට පැමිණිල්ලක් !

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් ශ්‍රී ලංගම උප ඩිපෝවල් සියල්ල වසා දමා ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දියත්කර ඇති බවත් එය වැලැක්වීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත. මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ සමස්ත  ලංකා ප්‍රවාහන සේවක සංගමය විසිනි. අදාළ ඉල්ලීම සිදුකරමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

ගරු ජනාධිපති,

ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.

ගරු ජනාධිපති තුමනි,

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් ශ්‍රී ලංගම උප ඩිපෝවල් සියල්ලම වසා දමා ශ්‍රී ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණය වැලැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම.

අවුරුදු 05 කට වැඩි කාලයක් සේවය කරන ලද කොන්ත්‍රාත් පදනමේ සේවකයින් ස්ථීර කරන බවටත් ශ්‍රී ලංගම සියළුම උප ඩිපෝවල් සියල්ලම වසා දමන බවටත් ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා විසින් ප‍්‍රකාශ කළ බව 2021 මාර්තු 26 දින ජාතික පුවත්පත් වල පලවී තිබුණි. එම ප්‍රකාශයේ පිටපතක් ඔබතුමාගේ අවධානය මේ සමඟ අමුණා එවන්නෙමු.

ශ්‍රී ලංගමය ශක්තිමත් කිරීම යනු සේවකයන් ප්‍රමාණයන් වැඩිකළ යුතුය. බස්රථ ප්‍රමාණය වැඩිකළ යුතුය. ඩිපෝ, ආයතන, වැඩපලවල් ප්‍රමාණය වැඩිකළ යුතුය. මගී ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ අනාගතයේ දී පළමුවැන්නා බවට ශ්‍රී ලංගමය පත්කළ යුතුය. නුමුත් 1977 සිට මේ දක්වා බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම සිදුකර ඇත්තේ ශ්‍රී ලංගම විනාශ කිරීමේ ක්‍රියාවලියයි. 1977 හැත්තෑ දහසකට (70,000) වැඩි සේවකයින් ප්‍රමාණය අද වනවිට තිස්දහකට (30,000) අඩුකර ඇත්තේත්, නමදහස් දෙසීයක (9,200) බස්රථ ප්‍රමාණය අද වනවිට හයදාහ (6,000) දක්වා අඩුකර ඇත්තේත්, ඩිපෝවල් ආයතනවල් වැඩපොලවල් අඩුකර ඇත්තේත් ශ්‍රී ලංගමය විනාශ කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය.

ගරු ජනාධිපති තුමණි, ශ්‍රී ලංගමය යනු මුදල් උපයා ලාබ ලබන ව්‍යාපාරයක් නොව අධ්‍යාපන, සෞඛ්‍ය, දුම්රිය හා සමානවම සේවාවක් කරනු ලබන ආයතනයක්ය. ශ්‍රී ලංගමයට යොදවන මුදල අනාගත ආයෝජනයක් වේ. එමනිසාම මහා භාණ්ඩාගාරය මගින් ශ්‍රී ලංගමයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අනිවාර්යෙන්ම ලබාදිය යුතුමය. මේ බව තේරුම් නොගත් ප්‍රවාහන ඇමති තුමා විසින් ශ්‍රී ලංගම සියළුම උප ඩිපෝවල් වසා දමා ශ්‍රී ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණය වලක්වාලීමට කඩිනමින් මැදිහත් වන ලෙස වගකිව යුතු වෘත්තීය සමිතියක් වශයෙන් අප සංගමය ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට විශ්වාසී,

සේපාල ලියනගේ සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න