චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් නිල වශයෙන් බාරගැනීම අද (31) සිදුවිය.
චීනයේ බීජිං නුවර සිට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගෙන පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානය අද පෙරවරු 11.28ට ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විරුද්ධයි !
එහි සභාපති වෛද්‍ය ලලන්ත රණසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පෙන්වා දෙන්නේ චීන කොරෝනා එන්නත මේ රටට විශාල වශයෙන් තොග ඇණැවුම් කර තිබෙන බවයි.
නමුත් එය මෙරට ජනතාවට ලබා දුනහොත් ජනතාවගේ ජීවිත පිළිබඳ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
ඔවුන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතිත් දැක්වෙයි.

