පිළිකාකාරක ආහාර ආනයන රේගුවෙන් නිදහස් කිරීම පිටුපස දේශපාලඥයන් - ඇමති විදුර

පිළිකාකාරක ආහාර ආනයන රේගුවෙන් නිදහස් කිරීම පිටුපස දේශපාලඥයන් - ඇමති විදුර

පිළිකා කාරක අඩංගු සහ මිනිස් පරිභෝජනයට සුදුසු නැති ආහාර ද‍්‍රව්‍ය මෙරටට ආනයනය පසුපස දේශපාලඥයන් ඇතැම්විට සිටිය හැකි යැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක  සඳහන් කරයි.

පිළිකා කාරක සහිත ආහාර තොග මෙරටට ආනයනය කිරීම, රේගුවෙන් නිදහස් කිරීම පසුපස සිටින දේශපාලකයන්ටත් නිලධාරීන්ටත් දැඩි දඬුවම් පැමිණිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මේ බව සඳහන් කර සිටියේකොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

 පොල්තෙල් පමණක් නොව මිනිස් ශරීරයට අහිතකර ඕනෑතරම් ආහාර මෙලෙස ආනයනය කරන බවත් ජනතාවගේ ජීවිත දූෂිත දේශපාලඥයන් නිලධාරීන් නිසා අනතුරේ හෙලන්නට බැරි බවත් ඔහු පැවසීය.

රට තුළ නිෂ්පාදනය කරන ආහාරවලද විස රසායන විශාල වශයෙන් භාවිත වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න