ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධූරයටත් දේශපාලනය රිංගලා ! ?

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධූරයටත් දේශපාලනය රිංගලා ! ?

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධූරයට ජේෂ්ඨ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කරන ලෙස එම අධිකාරියේ සාමාජිකයන් 10 දෙනෙකු කළ ඉල්ලීම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට හිටපු දකුණු පළාත් අමාත්‍ය අයි. විජේවන්ත ගේ පුත් වෛද්‍ය රසිත විජේවන්ත පත්කිරීම සම්බන්ධව වෛද්‍ය ක්ෂේත්‍රයේ විවේචනයට බඳුන්ව තිබේ.

ඊට සම්බන්ධ ආරංචිමාර්ග පවසන ආකාරයට  චීන එන්නතට ඖෂධ අධිකාරියේ අනුමැතිය ලබා නොදුන් පසු සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එහි සාමාජිකයන් හතරක් ඉවත් කරනු ලැබූ අතර ඒ නිසා  මහාචාර්ය අසිත ද සිල්වා සභාපති ධූරයෙන් ඉවත්ව ඇත.

පසුව ඊට යෝජනා කර ඇති ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වර්තමානයේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවතින කොරෝනා වසංගතයේදී විශාල කාර්යභාරයක් ඉටුකරන වෛද්‍යවරයෙකි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොවිඩ් වැළදුණු පසු ඇයගේ ජීවිතය බේරා ගත්තේද වෛද්‍ය විජේවික්‍රම ඇතුළු කණ්ඩායම විසිනි. විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස වසර 20ක අත්දැකීම් සහිත ඔහු ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ දීද පුරෝගාමී වී ඇත.

ලංකාවට ගෙන එන කොරෝනා එන්නත් පිළිබඳව ඖෂධ අධිකාරියට උපදෙස් ලබා දීමට පත්කළ විශේෂඥ කමිටුවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම නියෝජනය කරයි. එහිදී මතභේදාත්මක චීන එන්නත ලංකාවට නොගෙනා යුතු බව ඔහුගේද මතය විය.

නිල බලයෙන් පත් වන සාමාජිකයන් තිදෙනාද සමඟ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මුළු සාමාජිකයන් සංඛ්‍යාව 13කි. එම සාමාජිකයන් තිදෙනා හැර අන් සියලු දෙනා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සභාපති ධූරයට පත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිතුමියගෙන් ලිපියක් මගින් මාර්තු 15දා ඉල්ලා ඇත.  එහෙත් හිටපු දකුණු පළාත් අමාත්‍ය අයි. විජේවන්ත ගේ පුත් වෛද්‍ය රසිත විජේවන්ත අදාළ ධුරය සඳහා පත්කර ඇත්තේ ඒ කිසිත් නොතකමින් බව පවසමින් වෛද්‍ය ක්ෂේත්‍රයේ මේ සම්බන්ධව විවේචන ගොනුවෙමින් පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න