වස විස කෑමෙන් රට බේරගන්න හැටි ලාල් කාන්ත කියයි !

වස විස කෑමෙන් රට බේරගන්න හැටි ලාල් කාන්ත කියයි !

කෑමට  ගන්නා ආහාර වේල වස විස සහිත නම් එම රට ලෝකයේ පිරිහුණු රටවල් ගණයට වැටෙන බවත් විස සහිත පොල්තෙල්වලින් පෙන්වන්නේ රටේ එම විනාශයේ බරපතලකම බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සඳහන් කරයි.

ආණ්ඩුව හා රාජ්‍ය ආයතන, දේශපාලනය මුදලට යට වී ඇත්නම් එම රටට මුළුමනින්ම අවශ්‍ය පරිවර්තනයක් මිසක් එකිනෙකාගේ හොඳ නරක පෙන්වමින් පවතින ජරාජීර්ණ දේශපාලනයට තාවකාලික පැලැස්තර ඇලවීම නොවන බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද තුළ සියලුදෙනාම කන්නේ වස විස බවයි.

එම නිසා මෙවර උත්සව සමය සතුට, සාධාරණය, සෞභාග්‍ය සියල්ල අපේක්ෂා කරන්නේ නම් කළ යුතු එකම දේ නිවැරදි අධිෂ්ඨානයෙන් නිවැරදි සමාජයක් බිහි කිරීමට අවශ්‍ය යහ පැවැත්මක් සහිත සමාජයක් බිහිකිරීම බවද සඳහන් කළේය.

පොල්තෙල් මෙන්ම සියලු ආහාරවල වස විස පවතින බව මුලින්ම අවබෝධ කරගත යුතු සේම ඒ සියල්ල වෙනස් කොට නිවැරදි මඟකට ජනතාව යොමු කිරීම දේශපාලන පක්ෂයක වගකීමක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

(මව්බිම)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න