සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්න - හමුදාපති

සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්න - හමුදාපති

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු  උත්සව සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීම ද නිසිලෙස සිදුකරන ලෙසය.

මේ අතර එළඹෙන උත්සව සමය තුළ රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  පැවසීය.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය තුළ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කළයුතු බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න