ජනාධිපති මට පහත් ලෙස බැන්නා: දරු පවුල ගැන පවා බයයි - විජේදාස (වීඩියෝ)

 ජනාධිපති මට පහත් ලෙස බැන්නා: දරු පවුල ගැන පවා බයයි - විජේදාස (වීඩියෝ)

අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තමන් අමතා ඉතා පහත් , අධම ලෙස තමන්ට  බැන වැදුණු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද තම නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්යජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.

එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා කියා සිටියේ ඊයේ (15) වරාය නගරය  ආශ්‍රිත ගැසට් පත්‍රය සම්බන්ධව තමන් සහ නාරාහේන්පිට අභ්‍යන්තරයේ දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කළ කරුණු මෙකී බැන වැදීමට හේතු වූ බවය.

මේ සම්බන්ධව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝවක් පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න