Lockdown කළ ප්‍රදේශයන් සංශෝධනයක්

Lockdown කළ ප්‍රදේශයන් සංශෝධනයක්

අද උදෑසන සිට පිළියන්දල පොළිස් බල ප්‍රදේශය  Lockdown කළද මේ වන විට  පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කර තිබේ.

එසේ වුවද  හෙට(03) අලුයම 5.00 සිට ක්‍රියාත්මකවන පරිදි පිළියන්දල ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා(Lockdown) කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

එලෙස හුදකලා කෙරෙන ග්‍රාම නිලධාරී වසම් වන්නේ

කැස්බෑව දකුණ,

දම්පේ,

බටකැත්තර උතුර,

පැලැන්වත්ත නැගෙනහිර/බටහිර,

මාකන්දන නැගෙනහිර,

මාවිත්තර උතුර,

මඩපාත යන ග්‍රාම නිලධාරී වසම් වේ.

ගොරකාපිටිය 584 සහ නාම්පමුණුව 584A යන ග්‍රාම නිලධාරී වසම් දැනටමත් හුදකලා කර ති⁣බෙන අතර එය ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මේ අතර හෙට(03) අලුයම 5.00 සිට මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න