ලොව පුරා පැතිරෙන කොවිඩ් ප්‍රභේද රැසක් මෙරටින් හමුවේ

ලොව පුරා පැතිරෙන කොවිඩ් ප්‍රභේද රැසක් මෙරටින් හමුවේ

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල පරීක්ෂාව මගින් සිදු කරනු ලබන ජානමය අනුක්‍රමණ පරීක්ෂණවලදී ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ඉන්දියාවේ ව්‍යාපත්වන වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බව වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය වන B.1.351 කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද මෙරටින් හඳුනා ගෙන ඇති අතර, නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ලද වෛරස් සාම්පල්වල සිදුකළ ජානමය අනුක්‍රමණ මගීන් හඳුනා ගෙන ඇත. යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්තවන B.1.428 වෛර්සා ප්‍රභේදය හඳුනා ගෙන ඇත. මීට අමතරව බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් විශාල ප්‍රමාණයක්ද මෙරටින් වාර්තා වෙමින් ඇතැයි වෛද්‍ය චන්දිම ජිවන්දර  වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න