මාධ්‍යවේදීන් ට ඉදිරියේදී නිදහසේ සිය වෘත්තීය කටයුතු කරගෙන යාම අවස්ථාව අහිමිවීමේ අවධානම සම්බන්ධව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අනතුරු අඟවයි.
ඒ අද (05) හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහන ඉදිරිපත් කළ අවස්ථාවේය.
තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම එහිදී පැවසීය.
නිරෝධායන නීතිය ක්‍රියාත්මක වීමේ දී රටේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව ඔහු නීතිය වෙනස් විය නොහැකි බව ද ඔහු සඳහන් කල අතර, නීතිය බාර ඇමති සරත් වීරසේකර එම ඇමැති ධුරයේ රාජකාරී නිසි ලෙස කළයුතු බවත් නිරූපිකාවන්ගේ ඇඳුම් අදින එක ඔහුගේ කාර්යයක් නොවන බවත් ඔහු එහිදී සිහිපත් කර දුන්නේය.

