අවදානම් සහිත ගැබිනි මව්වරුන්ට : 09 වනදා සිට කොරෝනා එන්නත් !

අවදානම් සහිත ගැබිනි මව්වරුන්ට : 09 වනදා සිට කොරෝනා එන්නත් !

දිවයින පුර සිටින අවදානම් සහිත ගර්භණි මවූවරුන් සදහා කොවිඩ් එන්තත ලබා දීම ලබන බදාදා (09)ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟවූ බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වෙනුවෙන් සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.

ඔහු මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි දැක්වෙන්නේ අවදානම් සහිත ගර්භණි මවූවරුන් සදහා කොවිඩ් එන්තත ලබා දීම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බවය. 

පසුගිය අප්‍රේල් මස 28 වැනිදා සිට මාධ්‍ය මගින් බලධාරීන් දැනුවත් කරමින් ආරම්භ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස  ගර්භණි මවුවරුන්ට එන්නත්කරණයට අනුමැතිය ලැබී ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. 

සාමාන්‍යයෙන් දිවයින පුරා රෝහල්වල ගැබිනි මවුවරුන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල සදහා වෙයි . ගැබිනි මවුවරුන්ට එන්නත් ලබා දීමෙන් කොවිඩ්වලින් මවුවරුන් ආරක්ෂා වීම සහ නව ජන්ම දරුවන්ටද එමගින් ආරක්ෂාවක් ලැබෙන බවට අප සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් බලධාරීන් දැනුවත් කළ අතර  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද ඊට තහවුරුවක් ලබා දී තිබේ.         

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ,මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යකෂ ජනරාල් සුසී පෙරේරා  යන මහත්මීන්ගේ මගපෙන්වීම මත බෝවන රෝග පිළිබද උපදේශක කමිටුව විසින් ගැබිනි මවූවරුන්ට එනනත්කරණය කිරීමේ කටයුත්ත ප්‍රමුබ කාර්යක් ලෙස හදුනවා දෙන ලදි ඊට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ  ,සෞඛ්‍ය ලේකම් වෛද්‍ය  සංජිව මුණසිංහ ,සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්   ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමගද අප විද්‍යායතනය එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සකච්ඡා කරන ලදී '

කොවිඩ් මර්දනය පිළිබද ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ  ලැබුණු සහයෝගය මෙහිදී ඉතා වැදගත් විය. ඒ අනුව අවදානම් සහිත මවූවරුන්ට නිර්ණායක  කිහිපයක් යටතේ එන්නත් ලබා දීම සිදු වෙයි. වයස, රෝගී තත්වය ,රෝගයට නිරාවරණය වීමේ හැකියාව මෙහිදී විශේෂයෙන්ම සලකා බැලෙයි .         

ගැබිනි මවුවරුන්ට එනනත්කරණය මාසයක්  ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙමගින් මරණ හා ආබාධ වළක්වා ගත හැකි අතර, එමගින් සෞඛ්‍ය දර්ශක  අතර ඉහළට ගමන් කිරීමට හැකියාව ඇති  බව අපගේ නිගමනයයි. එන්නත්කරණය නිසි පරිදි සිදු කිරීමෙන් ගැබිනි මවූවරුන්ට කොවිඩ් වැළදීම වැලැක්වීම සදහා එන්නත්කරණය කළ ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි.                     

දිවයින පුරා රෝහල්වල ගැබිනි මවූවරු හා කොවිඩ් වැළදුණු ගැබිනි මවූවරු ප්‍රතිකාර ලබති. කොවිඩ් වැළදීම හේතුවෙන් ගැබිනි මවූවරුන් අට දෙනකු මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ පුර්ණ සහයෝගය මත එන්නත්කරණය ලබන බදාදා (09 ) පෙ .ව .11.00  ට  පිළියන්දල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන්  ආරම්භ කිරීමට සැලසුම් කර ඇත එහි සමාරම්භක වැඩසටහන එදින පෙරවරු 11.00 ට බොරැල්ල කාසල් විදියේ කාන්තා රෝහලේ දී සිදු කිරීමට නියමිතය. අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සෞඛ්‍ය ඇමති නීතිඥ පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය යුධ හමුදාපති ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා ළමා සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් ද එම වැදගත් අවස්ථාවට සහභාගී වෙති .

මෙයට

විශ්වාසී

විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා

සභාපති

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න