වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ සුදත් සමරවීර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ බවය.
එම ස්ථාන මාරුව ඊයේ(18) දින සිදුකර තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ අතර ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අරුණ ජයසේකර මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
