බැසිල්ගෙන් අයියලට කොන්දේසි : එන්න නම් දෙන්නේ මොනවාද අහලා !

බැසිල්ගෙන් අයියලට කොන්දේසි : එන්න නම් දෙන්නේ මොනවාද අහලා !

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙන්නේ, තමන්ට අදාළ අමාත්‍යාංශය ජනාධිපති වරයා විසින්, ගැසට් කිරීමෙන් පසුව බව , 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක , බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත දැනුම් දී ඇතැයි, ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

එසේම, තම අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරයා ලෙස මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පත්කළ යුතු බවට වූ කොන්දේසියක් ද බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇතැයිද සඳහන්.

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් ඊයේ, ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසේ පැවති සාකච්ජාවේදී , පැහැදිලි තීන්දුවක් ගෙන නැතත්, පසුව රාජපක්ෂ සහෝදරයින්ගේ නැගෙණියක වන ප්‍රීති චන්ද්‍රදාස ,ඇමරිකාවේ සිට පවුලේ සියලු පාර්ශවයන්ට කතාබහ කොට , කිසියම් එකඟතාවයක් ඇතිකරලීමට මැදිහත්ව ඇතැයි ද , එම ආරංචිමාර්ග සඳහන් කරනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යාංශය බැසිල් රාජපක්ෂ වෙත පැවරීමට එකඟතාවය පළකර තිබුනද, පසුව තත්ත්වය වෙනස් වුනා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , බැසිල්වාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් සිදුකරනු ලැබූ පුර්ව ප්‍රචාරක කටයුතු වලින්, ජනාධිපතිවරයා හා අගමැතිවරයා ෆේල් බවට ජනමතයක් ඇතිවීම, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ කනස්සල්ලට හේතුවී තිබෙනවා.

ඔවුන්ගේ මාධ්‍ය උපදේශකයන් පෙන්වා දී ඇත්තේ බැසිල්වාදින් සමාජ මාධ්‍ය තුළ කළකී දේ හේතුවෙන් මහින්ද ගෝඨාභය යන දේශපාලන ප්‍රතිරූප වෙත සිදුවූ හානිය බරපතළ බවයි. එය ඉදිරි දේශපාලන කටයුතු සඳහා ද හානිකර බැවින් වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙසයි.

බැසිල්වාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම, බැසිල්වාදී මැති ඇමතිවරුන් පසුගිය දින වල අවධාරණය කර සිටියේ, රටේ බඩු මිල අඩුකිරීමට, ඉන්දන මිල අඩුකිරීමට බැසිල් පාර්ලිමේන්තු පැමිණිය යුතු බවයි. එසේම බැසිල්ට මොළ 7 ඇති බවත් , යුද ජයග්‍රහණයේ පවා පිටුපස හිටි බලවේගය බැසිල් බවත් එහිදී සඳහන් වුනා.

කෙසේවුවද බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු ඒමට කොන්දේසි ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති නිසාදැයි සමජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරනවා.

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න