අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අද (07) දහවල් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනාව ඇපමත නිදහස් කර තිබේ.
ඒ ඔවුන් දෙදෙනාව අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඒ ජන ජීවිත අනතුරේ හෙළමින් මුතුරාජවෙල තෙත් බිම් වැනසීමට එරෙහිව අද (07) පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගීවීම හේතුවෙනි.
එම විරෝධතාවය අද මධ්‍යාන 12.00ට බෝපිටිය මංසන්ධියේදී පැවැත්වීමට සූදානම් කර තිබී ඇත. එම විරෝධතාවය ආරම්භ කර තිබියදී පොලිසිය විසින් එම උද්ඝෝෂණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. ඒ අනුව පිරිස විරෝධතාව නතර කර විසිර යමින් සිටියදී මෙලෙස මහින්ද ජයසිංහ මහතා පොලිසිය විසින් පමුනුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
