කොළඹ – 2 රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසුවේ, උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමේ චෝදනා මත ඔහු ඇතුළු තවත් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් කොවිඩ් රෝග ව්‍යාප්තියට හේතු වන බවට ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කිරීම මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
