Language Switcher

V2025

රංජන්ට ජනාධිපති සමාව දෙන්න : සජිත් - චන්ද්‍රිකා ඉල්ලති !

සිරකරුවන්ගේ ජාතික දිනය යෙදී ඇති සැප්තැම්බර් 12 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙතැයි සිතන බවද ඔහු පවසා සිටියි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

චන්ද්‍රිකාගෙන් ජනාධිපතිට ලිපියක් !

මේ අතර සැප්තැම්බර් 12 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සඳහා ජනාධිපති සමාව අපේක්ෂා කරන බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර ඇත.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

689f1f71 acb4 40e2 aedd b1ecfebc7c6f