එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45 ක සිවිල් සමාජ සාමාජිකයින්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් 240 කට පමණ එරෙහිව පළිගැනීමේ හා බිය ගැන්වීමේ චෝදනා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ලේඛනගත කර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කොට ඇත.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සහකාර මහලේකම් ඉල්ස් කෙරිස් විසින් මෙම වාර්තාව ඊයේ (29) ඉදිරිපත් කොට ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය 2021 පෙබරවාරි 9 දා මානව හිමිකම් කවුන්සිලයට සිය වාර්තාවේ මේ බව සඳහන් කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
(මව්රට )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
