Image

නෙවිල් උදිත වීරසිංහ දැනුවත්ව අමතක කරන නිශ්චිත දේශපාලන සිදුවීම් ගැන කියවීමක්

නෙවිල් උදිත වීරසිංහ දැනුවත්ව අමතක කරන නිශ්චිත දේශපාලන සිදුවීම් ගැන කියවීමක්

දේශපාලන ව්‍යාපාරයක් විසින් යම් නිශ්චිත ඓතිහාසික මොහොතක දී ගනු ලබන උපක්‍රමික තීරණ, එම සන්දර්භයෙන් (Context) මුළුමනින්ම ගලවා දමා, දශකයකට පමණ පසු ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිවිරුද්ධ අර්ථයකින් අර්ථකථනය කිරීම බුද්ධිමය මෙන්ම දේශපාලනික අපරිනතභාවයකි.

Neville Uditha Weerasinghe විසින් එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ 2005 ඡන්ද වර්ජන තීන්දුව මුල්ලිවයික්කාල් ජනසංහාරයට වගකිවයුතු සාධකයක් ලෙස හුවාදැක්වීම හරියටම එවැනි පටු, පැතලි සහ වෛරී සහගත ප්‍රවේශයකි.

අද දවසේ සිට අතීතයට වෛරී සහගත චෝදනා එල්ල කිරීම

ඕනෑම සන්නද්ධ හෝ දේශපාලන ව්‍යාපාරයක් තීරණ ගනු ලබන්නේ ඒ මොහොතේ පවතින බල තුලනය සහ මූලෝපායික අවශ්‍යතා මත ය. 2005 ජනාධිපතිවරණ වර්ජනය යනු එකල නෙවිල් ඇතුළු බොහෝ දෙනාද දෘෂ්ටිවාදාත්මකව පක්ෂපාතී වූ හෝ තේරුම් ගත් දේශපාලන උපක්‍රමයකි. එය රනිල් වික්‍රමසිංහ ගේ ජාත්‍යන්තර උගුලෙන් මිදීමට ගත් තීරණයක් මිස, තමන්ගේම ජනතාව සමූලඝාතනය කිරීම සඳහා රාජපක්ෂලා කැඳවා ගැනීමට ගත් තීරණයක් නොවේ. නෙවිල් කරමින් සිටින්නේ, එදා ඒ මොහොතේ පැවති සංකීර්ණ දේශපාලන සන්දර්භය අමතක කර, අද දවසේ සිට අතීතයට වෛරී සහගත චෝදනා එල්ල කිරීමයි. මෙය දේශපාලනය පිළිබඳ අවම අවබෝධයක් ඇති සාමාන්‍ය මිනිසෙකු පවා නොකරන බාල ගණයේ ප්‍රකාශයකි.

නව ස්වාමිවරුන් අමනාප කරගැනීමට ඇති බිය

මෙම තර්කය කෙතරම් පටු සහ පැතලි එකක්ද යන්න තේරුම් ගැනීමට 1988/89 ජවිපෙ ඉතිහාසය දෙස බැලීම ප්‍රමාණවත්ය. නෙවිල්ගේ න්‍යායට අනුව: "1988 දෙසැම්බරයේ පැවැති ජනාධිපතිවරණය වර්ජනය කර, ඡන්දය දැමීම තහනම් කරමින් ඡන්දදායකයන්ට ප්‍රචණ්ඩත්වය මුදාහැරීම හරහා රණසිංහ ප්‍රේමදාස රෙජීමය බලයට පත් කිරීමට දායක වූ බැවින්, 1989 නොවැම්බරයේ දී ඝාතනය කරන ලද 60,000ක් වූ ජවිපෙ හිතවතුන් සහ අනුගාමිකයන් ගේ ලේවල වගකීමෙන් ජනතා විමුක්ති පෙරමුණට ද ගැලවිය නොහැක."

නෙවිල් උදිත තම තර්කය අනුව යමින් ජවිපෙට ද මෙම බාල, අපරිනත සහ සදාචාර විරෝධී චෝදනාව එල්ල කිරීමට දේශපාලන කොන්දක් තිබේද? ඔහු එසේ කරන්නේ නැත. මන්ද, භාෂණ සහෝදරයා සමඟ පවතින පෞද්ගලික අමනාපය නිසා එල්.ටී.ටී.ඊ.ය සමග ද වෛර බැඳගෙන සිටින නෙවිල්, වර්තමානයේ තමන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම උදෙසා ජාතික ජන බලවේගය (ජවිපෙ) සමග නව මිත්‍රත්වයකට හෝ දේශපාලන සන්ධානයකට ගොස් සිටියි. තම නව ස්වාමිවරුන් අමනාප කරගැනීමට ඇති බිය නිසා ඔහු දකුණේ ඉතිහාසය ගැන මාරාන්තික නිහඬතාවයක් රකී.

පුද්ගලයින් කෙරෙහි ඇති පෞද්ගලික වෛරය පිරිමසා ගැනීමNeville Uditha Weerasinghe

නෙවිල් උදිත වීරසිංහ

දේශපාලන ක්‍රියාකාරිකයෙකු ගේ වැදගත්ම ලක්ෂණය වන්නේ පෞද්ගලික කෝන්තර සහ දේශපාලන ප්‍රතිපත්ති එකිනෙකට පටලවා නොගැනීම යි. නෙවිල් ගේ සමස්ත දේශපාලන ඉතිහාසය ම බැඳී පවතින්නේ දෙමළ ජනයා ගේ විමුක්ති අරගලය සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මතය. නමුත් අද වන විට, පුද්ගලයින් කෙරෙහි ඇති පෞද්ගලික වෛරය පිරිමසා ගැනීම සඳහා, ඔහු වසර ගණනාවක් තිස්සේ තමන් නියෝජනය කළ දේශපාලන හෘදයසාක්ෂිය ම සහමුලින්ම පාවා දී ඇත.

මුල්ලිවයික්කාල්හි දී සිදුවූයේ කුමක් ද...?

මෙය හරියටම "මූණත් සමග තරහ වී නහය කපා ගැනීම" වැනි අදූරදර්ශී ක්‍රියාවකි. පෞද්ගලික තරහවක් නිසා තමන්ගේ ම දේශපාලන පදනම සහ ප්‍රතිපත්තිමය අනන්‍යතාවය විනාශ කරගන්නා මට්ටමට නෙවිල් දේශපාලන අපතයකු ගේ තත්ත්වයට පත්ව ඇත.

සන්දර්භයෙන් බාහිරව, පටු දේශපාලන වාසි සහ පෞද්ගලික වෛරය මත පදනම්ව ඉතිහාසය විග්‍රහ කරන මෙවැනි බංකොලොත් මිනිසුන් සමග තවදුරටත් දේශපාලන සංවාද පැවැත්වීම පලක් නැත. මුල්ලිවයික්කාල්හි දී සිදුවූයේ සිංහල බෞද්ධ රාජ්‍යය සහ ඊට කොන්දේසි විරහිතව සහාය දුන් දකුණේ පක්ෂ විසින් මෙහෙයවන ලද සෘජු ජනසංහාරයකි. ජන බලය බඳු ෆැසිස්ට් වියරු සන්ධාන ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සහ පෞද්ගලික කෝන්තර පියවා ගැනීම වෙනුවෙන් ඝාතකයා ගේ වගකීම සැහැල්ලු කරන නෙවිල්ලාගේ "පැතලි න්‍යායන්" ඉතිහාසය විසින් ම කුණු කූඩයට දමනු ඇත.

mandis murrukkuwadura.jpg

 

 

 

 

Mandis Murrukkuwadura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න