Image

ජනක් ද සිල්වා විනිසුරුවරයා දුන්නේ ඓතිහාසික තීන්දුවක් - Ideas front වීඩියෝවක්

ජනක් ද සිල්වා විනිසුරුවරයා දුන්නේ ඓතිහාසික තීන්දුවක් - Ideas front වීඩියෝවක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ආචාර්යවරයෙක්, එම විශ්විද්‍යාලයේ ම ඉගෙන ගත් සිසුවියකට (වර්තමානයේ ඇය ද දන්ත වෛද්‍යවරියකි) කළ බලහත්කාරී ලිංගික ක්‍රියාවක් සම්බන්ධයෙන් විනිසුරු ජනක් ද සිල්වා දුන් තීන්දුව ‌ඓතිහාසික දේව කීන්දුවක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2018 වසර වන විට සිද්ධියට අදාළ ආචාර්වරයා ගේ වැඩ තනම් කර, ඔහු විශ්වවිද්‍යාලයෙන් ද ඉවත්ව ගොස් තිබූ අතර ගෝඨාභය රාජපක්ස බලයට පැමිණි පසු එම වෛද්‍යවරයාට නැවත පත්වීම ලබා දී ඇති බවයි.

එම ක්‍රියාව සපුරා ම නීති විරෝධී ක්‍රියාවක් බවත් ජනක් ද සිල්වා විනිසුරුවරයා විසින් අභියෝගයට ලක් කරන ලද්දේ එම ක්‍රියා පිළිවෙත යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න