රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (19) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ ආරාධනයකට අනුව, හෙතෙම දෙදින චීන නිල සංචාරයේ නිරත වීමට නියමිත ය.
රුසියානු ජනාධිපතිවරයාට ඊයේ රාත්‍රියේ දී උණුසුම් පිළිගැනීමක් ලැබුණ අතර එම අවස්ථාවට චීන විදේශ අමාත්‍ය වන්ග් යී ද එක්ව සිටියා. මෙය රුසියානු ජනාධිපතිවරයාගේ 25 වන චීන සංචාරය යි. මෙහි දී චීන ජනාධිපති ෂී ජින් පිං සමග සුවිශේෂ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සබඳතා, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා මෙන්ම, පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර සහ කලාපීය කරුණු පිළිබඳව චීන-රුසියා දෙරටේ නායකයින් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.

දිනූෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
