ඉන්දියාව රත් වෙයි - උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 50යි

ඉන්දියාව රත් වෙයි - උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 50යි

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ උෂ්ණත්වය අද වාර්තා වුණේ සෙල්ෂියස් අංශක 50ක් ලෙසයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් දිල්ලි අධිකරණයේ නඩු කටයුතු පවා අත්හිටුවීමට අද තීරණය කර ඇත.

මේ සතියේ ඉන්දියාවේ නගර 37කට වැඩි සංඛ්‍යාවක උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 45සීමාව ඉක්මවා ගොස් ඇත.

අධික උෂ්ණත්වයේ බලපෑමෙන් රාජස්ථාන්හි ජේපූර් නගරයෙන් මරණ තුනක්ද වාර්තා වී ඇත.

සාමාන්‍යයෙන් මාර්තු සිට සැප්තැම්බර් දක්වා ඉන්දියාවේ අධික උෂ්ණත්වයක් පවතින අතර, මෙතරම් දිගු කාලයක් හා මෙතරම් අධික උෂ්ණත්වයක් වාර්තා වූයේ මේ වසරේදී බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

රාජස්ථාන් සහ ගුජරාට් යන ප්‍රාන්තවල දින 12කට ආසන්න කාලයක් සෙල්ෂියස් අංශක 40ත් 50ත් අතර උෂ්ණත්වයක් වාර්තා වී ඇත.

ජුනි මාසය වන විට තත්ත්වය යහපත් වනු ඇති බව කාලගුණ බලධාරීන් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න