Image

වික්ටෝරියා ජලාශයේ සියලුම වාන්දොරටු විවෘත කෙරේ

වික්ටෝරියා ජලාශයේ සියලුම වාන්දොරටු විවෘත කෙරේ

ඉහළ කඳුකර ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ සියලුම ස්වයංක්‍රීය වාන්දොරටු ඊයේ (12) දහවල් වන විට විවෘත වී තිබේ.

ස්වංක්‍රීය වාන් දොරටු අටම විවෘත වූ අතර එමගින් තත්පරයට ඝන අඩි 23,100ක ජලධාරිතාවක් රන්දෙණිගල ජලාශය වෙත මුදා හැරෙමින් පවතින බව වික්ටෝරියා වේල්ල කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

වික්ටෝරියා ජලාශයෙන් විශාල ජල ධාරිතාවයක් මුදා හැරෙන බැවින්, මහවැලි ගඟේ පහළ ප්‍රදේශ පරිහරණය කරන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරු කාර්යාලය තව දුරටත් දැනුම් දෙයි.

මේ අතර, මෙම තත්ත්වය හේතුවෙන් කියුබික් ඝන මීටර් මිලියන 801ක ධාරිතාවයෙන් යුක්ත රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව එහි සමස්ත ධාරිතාවෙන් සියයට 92 දක්වා ඉහළ ගොස් තිබේ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න