Image

ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප නියෝගයට එරෙහි අල්ලස් කොමිසමේ පෙත්සම හෙට යළි කැඳවයි

ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප නියෝගයට එරෙහි අල්ලස් කොමිසමේ පෙත්සම හෙට යළි කැඳවයි

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඉකුත් නොවැම්බර් 03 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිමි වූ ඇප නියෝග අවලංගු කර, නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම හෙට (13) යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) තනුජා බණ්ඩාර අධිකරණය හමුවේ මෙලෙස කරුණු දක්වනු ලැබීය.

එමෙන්ම ඇප නියෝගය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි තවත් පෙත්සමක් ගොනු කර තිබුණා.

වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ එම පෙත්සම සලකා බැලීමට ඉතා කෙටි දිනයක් ලබා දෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පෙත්සම් දෙක සම්බන්ධයෙන් සලකා බැලීම හෙට පස්වරු 2.30 තෙක් කල් තැබීමට පියවර ගත්තේය.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව ඉකුත් 3 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලක්ෂයක (රු. 100,000ක) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න