Image

පොහොට්ටු නියෝජිත පිරිසක් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවෙයි: නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක්

පොහොට්ටු නියෝජිත පිරිසක් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවෙයි: නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන මණ්ඩල සාමාජිකයන් වන මිලින්ද රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් දකුණු කොරියානු ජාතික සභාවේ විදේශ කටයුතු හා එක්සත් කිරීමේ කමිටුවේ සභාපති ගරු සොං සොක් ජුන් (Song Seok-jun) හමුවී තිබේ.

මෙම හමුවේදී සිරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ විශේෂ පණිවිඩයක්ද සභාපතිවරයා වෙත භාරදෙනු ලැබීය.

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ තුන්වරක් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ සොං සොක් ජුන්, වසර 25කට ආසන්න කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටි අයෙකි. එරට ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ ප්‍රකාශකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ. වර්තමානයේ දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු හා එක්සත් කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝග සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ ගැටලු පිළිබඳව කොරියානු සභාපතිවරයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස කටයුතු කළහ. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථා පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙහිදී මිලින්ද රාජපක්ෂ විසින් තම තුන්වැනි කෘතිය වන ‘Poverty to Prosperity – දකුණු කොරියානු සංවර්ධන ආකෘතිය’ සභාපතිවරයා වෙත පිළිගන්වන ලදී. එමෙන්ම දකුණු කොරියාවේ සංවර්ධනයට හිටපු ජනාධිපති පාක් චුන්ග් හී මහතා කළ දායකත්වය සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සංවර්ධන ජයග්‍රහණ පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර දිගුකාලීන සබඳතාව අගය කළ සභාපතිවරයා, කොරියානු කර්මාන්ත සඳහා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් ලබාදීමෙන් දෙරට අතර ඇතිවී තිබෙන සම්බන්ධතාවද සිහිපත් කළේය.

ලබන වසරේ පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල සංචාරය කිරීමටත්, ඉන්දියාවේ සංචාරයක් පිළිබඳව සලකා බැලීමටත් තමන් අපේක්ෂා කරන බව සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කළ නියෝජිත පිරිස, කොරියානු ආයෝජකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටද ඉල්ලීමක් කළහ.

මෙම හමුව සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගත්තේ දකුණු කොරියාවේ දිගුකාලීන ශ්‍රී ලාංකික ප්‍රජා නායකයෙකු වන ප්‍රේමලාල් මහතාගේ දායකත්වය හිමිවූ අතර, ඔහුගේ නායකත්වයෙන් දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ප්‍රජා නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Poverty to Prosperity

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න