Image

2018 පොලිස් උසස්වීම් නීත්‍යානුකූලයි: සැරයන්වරුන් 101කගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

2018 පොලිස් උසස්වීම් නීත්‍යානුකූලයි: සැරයන්වරුන් 101කගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

2018 වසරේදී පොලිස් සැරයන්වරුන් 618 දෙනෙකු උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා පොලිස් සැරයන් වරු 101දෙනකු විසින් ගොනු කර තිබූ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම උසස් වීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර එහි තීන්දුව ලබා දෙමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඬුල්ල විසින් මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අදාළ උසස් වීම් ලබාදීම හේතුවෙන් කිසිදු ආකාරයක අසාධාරණයක් හෝ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවූ බව අධිකරණය හමුවේ ඔප්පු කිරීමට පෙත්සම්කාර සැරයන්වරු අපොහොසත් වී ඇති බව එම තීන්දුව මගින් පෙන්වා දී ඇත.

කුසලතා පදනම සහ ජ්‍යෙෂ්ඨත්වය මත ලකුණු ලබාදී වසර දහයක් සක්‍රීය සේවයේ නියුතු පොලිස් සැරයන් වරුන් උපපොලිස් පරීක්ෂක තනතුරු වලට උසස් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ 2018 දෙසැම්බර් 31 වෙනි දින පවත්වා තිබුණි.

එම සම්මුඛ පරීක්ෂණය අනුව උප පොලිස් පරීක්ෂකවරු 618 දෙනෙකු ට උසස් වීම් ලබා දී ඇති අතර, අදාළ සම්මුඛ පරීක්ෂණ විවිධ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගින් පැවැත්වීම සිදුකර ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණේ.

එය නීතිය ට පටහැනි බවට පෙත්සම්කරුවන් පැමිණිලි කර සිටියා.

නමුත්, උසස් වීම් ලබාදීමේ ක්‍රියාවලියේදී වගඋත්තරකරුවන් අයුතු ලාභයක් ලබාගත් බවට කරුණු ඉදිරිපත් වී නොමැති බව ට පෙත්සම් විභාගයේ දී කරුණු අනාවරණය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

මෙම උසස් වී ලබාදීමේ ක්‍රියා පටිපාටිය අසාධාරණ හෝ අනීතිකව සිදුවීම නොමැති බවටත්, එමඟින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවටත්අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න