Image

ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප අවලංගු කරන්නැයි ඉල්ලූ පෙත්සමේ නියෝගය 18 වැනිදා

ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප අවලංගු කරන්නැයි ඉල්ලූ පෙත්සමේ නියෝගය 18 වැනිදා

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිමි වූ ඇප නියෝග අවලංගු කර, නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාල නියෝගය ලබන18 වන දින  ලබා දෙන බව කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) තනුජා බණ්ඩාර අධිකරණය හමුවේ පවසා සිටියේ ක්‍රිෂ්  ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට (2026 නොවැම්බර් 03 වන දින) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිමි වූ ඇප නියෝගය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් මේ අවස්ථාවේදි ලබා දෙන ලෙසයි.

එමෙන්ම, පෙත්සමේ අවසන් නියෝගය ලබා දෙමින් වගඋත්තරකරුට ලබා දී තිබෙන ඇප නියෝගය අවලංගු කර නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද සහකාර අධ්‍යක්ෂ වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මේ අතර, නාමල් රාජපක්ෂට කොළඔ මහේස්ත්‍රාත් අධිකරණයෙන්  ලබා දී ඇති ඇප නියෝගය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන 25 දින කැඳවිමට ද මහාධිකරණය අද  නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න