ආණ්ඩුව බලයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, පාසල් උපකරණ, සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පනවා ඇති වැට් (VAT) බද්ද ඉවත් කරන බව පැවසුවද තවමත් එය ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද(5) දින පාර්ලිමේන්තුවේදී ඩී.වී චානක සහ චානක මාදුගොඩ යන මන්ත්‍රීවරු සමග පැවති සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
ජීවන වියදම සහ උද්ධමනය පාලනයට වැඩපිළිවෙළක් නෑ
“ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි තැනකට මේ රටේ ජීවන වියදම පාලනය කරන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන් මේ අවුරුදු දෙක හමාරක් ඇතුළත ආණ්ඩුව ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා තියෙනවා. මේ මාසෙත් මේක වැඩි වෙනවා"
IT ක්ෂේත්‍රයටත් වැට් ගහලා
"පහුගිය කාලේ ජනාධිපතිතුමා ගිහිල්ලා කිව්වා එතුමාගේ කාල සීමාවේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කිව්වා. කිසිම බදු ප්‍රමාණයක් අලුතෙන් ගැහුවේ නෑ කිව්වා. බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, සෞඛ්‍යට අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි අයින් කරේ නෑ,අර අහිංසක මිනිස්සුන්ගේ ගිණුම්වලට, පොලියට, වැට් එක දැම්මා. වාහනවල බදු වැඩි කරා. තව IT sector ,උපදේශන සේවා, කන්සල්ටන්සිවලට බදු ගැහුවා.
පටන් ගත්තේ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන මහා දැවැන්ත ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. ඒක හදන්න ඕනේ. අපිත් ඒ මතේ ඉන්නවා. හැබැයි මොකක්ද කරේ? IT sector එකේ ආණ්ඩුවෙන් කිසිම සහෝයෝගයක් නැතුව බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටත් වැට් එක ගැහුවා.”යනුවෙන් නාමල් රාජපක්ෂ පැවසුවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
