මෙරටට භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාළව ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (05) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු සහ අටවන සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ සැකකරුවන්ගේ ඇප අයදුම්පතට එරෙහි විරෝධතා අද දින ගොනු කළ බවයි.
තවද ආනයන හා අපනයන කටයුතුවලට අදාළව සිදු කරන විමර්ශනයේදී අවශ්‍ය අවසන් තක්සේරු වාර්තා සහ අනෙකුත් ලේඛන ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙන්ම, අදාළ සමාගම් ආරම්භ කිරීමට දායක වූ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
මීට අමතරව, බැංකු නිලධාරීන් සහ අදාළ සමාගම් අතර සම්බන්ධතා පවතින්නේද යන්න පිළිබඳව ද පුළුල් පරීක්ෂණ පවත්වන බව ඔවුහු වැඩිදුරටත් දැන්වූහ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ගේ ඇප සම්බන්ධ නියෝගය ලබන 12 වැනි දින ප්‍රකාශයට පත් කරන බව නියෝග කරමින් සැකකරුවන් එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
