ආණ්ඩුව බලයට පත්වීමට පෙර නැවෙන් බාන මිලට තෙල් ලබාදෙන බවට පොරොන්දු වුවද, අද වන විට එය ප්‍රායෝගික නොවන බව පවසමින් ජනතාව දැඩි පීඩනයකට පත්කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (04) දින පාර්ලිමේන්තුව අමතමිනි.
මෙහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, ජනාධිපතිවරයා පසුගිය කාලයේ වේදිකාවලදී පැවසුවේ කිසිම බද්දක් අලුතෙන් පැනවූයේ හෝ බදු ඉහළ දැමීමක් සිදු නොකළ බවයි. නමුත් එය යථාර්ථය නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
"දැන් පහුගිය කාලේ ගිහිල්ලා කිව්වා එතුමාගේ කාල සීමාවේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කිව්වා. කිසිම බදු ප්‍රමාණයක් අලුතෙන් ගැහුවේ නෑ කිව්වා. ආ බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, බෙහෙත්වලට, අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි අයින් කරේ නෑ, වැට් එක වැඩි කරා. කලින් වැට් ගාණ තිබිච්ච නැති තැනට වැට් එක දැම්මා. අර අහිංසක මිනිස්සුන්ගේ ගිණුම්වලට, පොලියට, බිත්තිවලින් වැට් එක දැම්මා. වාහනවල බදු වැඩි කරා. තව IT sector එකේ උපදෙස් දෙන සේවා, උපදේශක සේවා, කන්සල්ටන්සිවලට බදු ගැහුවා.
පටන් ගත්තේ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන මහා දැවැන්ත ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. ඒක හදන්න ඕනේ. අපිත් ඒ මතේ ඉන්නවා. හැබැයි ඔබතුමාලා මොකක්ද කරේ? IT sector එකේ ආණ්ඩුවෙන් කිසිම සහෝයෝගයක් නැතුව බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටත් වැට් එක ගැහුවා."
එමෙන්ම ආණ්ඩුව බලයට පත් වූයේ ජාතික හැඳුනුම්පතේ සිට ඩිජිටල්කරණය කරන බවට පැවසමින් වුවද අද වන විට තෙල් හා ගෑස් පෝලිම් අතරට 'ටිං අංකය' ලබා ගැනීමේ පෝළිමද එකතු වී ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.
"ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා. ඉතින් අඩු ගානේ තමන්ට දීලා තියෙන වගකීමේ සිස්ටම් එක හදාගන්න බැරි නම්, ඒ පීඩනය දැන් මිනිස්සු අපිට පටවනවා නම්, ගරු සභාපතිතුමා, එක්කෝ ඒක නොකර ඉන්න ඕනේ. එක්කෝ කරන්න ලෑස්ති වෙනවා නම්, ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදන්න ඕනේ. යටිතල පහසුකම් ටික, සිස්ටම් එක හදන්නේ නැතුව, නිකන් ෂෝ එක දාන්න රැස්වීම්වල මේක කියන්න ඕන හින්දා, පාර්ලිමේන්තුවේ මේක කියන්න ඕන හින්දා, අනිවාර්ය කරාට පස්සේ, ඒ පරිවර්තන කාලසීමාවක් නැතුව, අවසානයේ පීඩනයට පත්වෙන්නේ රටේ ජනතාව." යැයි මන්ත්‍රීවරයා පැවසීය.
නාමල් රාජපක්ෂ අද (04) පාර්ලිමේන්තුවේදී පළ කළ සම්පූර්ණ අදහස් දැක්වීම නරඹන්න පහළින්>>
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
