Image

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතන දත්ත ගැන ඇපල් සමාගමෙන් දැනුම් දීමක්!

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතන දත්ත ගැන ඇපල් සමාගමෙන් දැනුම් දීමක්!

එයාර් බස් ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදාහැර සිටියදී ගෙල වැලලාගෙන මියගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකතනයේ දත්ත තවත් මාස තුනක කාලයකට සංරක්ෂණය කරන බවට ඇපල් සමාගම දැනුම් දී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය අද (04) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නේ, අධිකරණ නියෝගයට අනුව සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇපල් සමාගම ඊමේල් පණිවුඩයක් හරහා මේ බව දැනුම් දී ඇති බවයි.

ජංගම දුරකතනයේ දත්ත ලබාගැනීම සඳහා සිංගප්පූරුවේ සමාගමක් ඇතුළු ආයතන දෙකකින් ඉල්ලීම් කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. එමෙන්ම, අදාළ ඊ සිම්පත සාමාන්‍ය සිම් පතක් ලෙස මුදාහැරීමට ඩයලොග් සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමට ද මහේස්ත්‍රාත්වරයාගේ අවසරය හිමි විය.

මේ අතර, මරණකරුගේ නිවසේ තිබී සොයාගත් ඖෂධ සම්බන්ධයෙන් වන රජයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද වීම පිළිබඳව හේතු දැක්වීමට රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, මරණ සහතිකයට අදාළ වාර්තා අධිකරණය හමුවට යොමුකරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයාට නොතීසි නිකුත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර වාර්තා කැඳවීම සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 02 වනදා තෙක් කල් තබන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න