Image

රජයේ වාහන අවභාවිත සිද්ධිය: විමල් ඇතුළු පිරිසගේ නඩුව කල් යයි!

රජයේ වාහන අවභාවිත සිද්ධිය: විමල් ඇතුළු පිරිසගේ නඩුව කල් යයි!

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති හිටපු ඇමති විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් ට එරෙහි නඩුව නීතිපති උපදෙස් සදහා ලබන 2027 වසරේ අප්‍රේල් මස 28 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (4) නියෝග කළේය.

හිටපු ඇමති විමල් වීරවංශ, ඔහුගේ සොහොයුරු සරත් විරවංශ ඇතුළු තිදෙනාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ නඩු ගොනුව නීතිපති උපදෙස්  සඳහා යොමුකර ඇති නමුත්, මෙතෙක් එම උපදෙස් ලැබී නොමැති බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණ වෙත ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 41ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධිය අදාළව සැකකරුට චෝදනා ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න