Image

බානගල උපතිස්ස නා හිමියන් නරේන්ද්‍ර මෝදිට ආශිර්වාද සෙත් පතයි

බානගල උපතිස්ස නා හිමියන් නරේන්ද්‍ර මෝදිට ආශිර්වාද සෙත් පතයි

වසර 2001 ගුජරාටියේ මහා ඇමති ලෙස පත් වී සිය දේශපාලන ගමන ආරම්භ කළ වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන දිවියට වසර විසිපහක් පිරීම නිමිත්තෙන් එතුමාට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරන විශේෂ පින්කමක් පසුගියදා ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවැත්වුණි.

වසර තිහකට ආසන්න ඉතිහාසයක් තමන්ගේ සහ නරේන්ද්‍ර මෝදි මහතාගේ මිත්‍රත්වයට ඇති බවත්, එම නිසා පසුගිය කාලයේ එතුමා බුද්ධ ශාසනයට සහ බෞද්ධ ජනතාවට ඉටුකළ මහා සේවාව තමන් හොඳින්ම දන්නා බව උන්වහන්සේ මෙහි දී ප්‍රකාශ කළහ.

විශේෂයෙන් ඉන්දියාවේ රුපියල් දෙසීයේ නෝට්ටුවට සාංචි චෛත්‍යය ඇතුළත් කිරීම, දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා කුසිනාරාව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කර නම් කිරීම, බුද්ධගයා පුදබිමේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුකළ කාර්යභාරය සහ නිරන්තරයෙන් ජාත්‍යන්තර බෞද්ධ සමුළු සම්මන්ත්‍රණ පවත්වමින් නිර්මල බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගන්නා උත්සාහයන්ට උන්වහන්සේ සිය ප්‍රණාමය පුද කළේය.

මෙම අවස්ථාවට ජපානයේ සවරා ලංකජී විහාරවාසී යටවර ප්‍රඥාරාම හිමියෝ, බානගල උපතිස්ස පරිවේනාධිපති පණ්ඩිත වළල්ලාවිට නන්ද හිමියෝ, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ උපසභාපති වසන්ත ද සිල්වා සහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර යන අයද එක් වූහ.

ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න