Image

දුප්පත්කම වැඩි කරන ඉන්ධන මිල වහා අඩු කරනු! - ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

දුප්පත්කම වැඩි කරන ඉන්ධන මිල වහා අඩු කරනු! - ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

ජනතාව මුහුණ දෙන දැඩි ආර්ථික පීඩනය හමුවේ ඉන්ධන මත පනවා ඇති අධික බදු වහා පහත හෙළා ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.

එම පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, ලෝක ආර්ථික අර්බුදයට මුවාවෙමින් සිදුකරන ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඇදවැටී ඇති ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොළඹවනු ඇති බවයි. මෙයින් නිර්මාණය වන විරැකියාව සහ අධික ණය බර හේතුවෙන් අඩු ආදායම්ලාභී ජනතාව තුළ දැවැන්ත අසහනයක් නිර්මාණය කිරීමට නියමිත බවද එම පක්ෂය පෙන්වා දෙයි.

එසේම, ජනතාව එදිනෙදා මුහුණදෙන සැබෑ ආර්ථික අර්බුදයන් හොරු ඇල්ලීමෙන්, කුඩු ඇල්ලීමෙන් හෝ පාක්ෂිකයන්ගේ රැලි පැවැත්වීමෙන් පමණක් යටපත් කළ නොහැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ එම පක්ෂය විසින් න්කුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනයයි!

SDP Press Release 2026 11 02

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න