පැපුවා නිව්ගිනිවේ දරුණු නාය යෑමක්

පැපුවා නිව්ගිනිවේ දරුණු නාය යෑමක්

පැපුවා නිව්ගිනිවේ දුෂ්කර ගම්මාන හයක සිදු වූ දැවැන්ත නාය අනතුරකින් නිවාස සියයකට අධික සංඛ්‍යාවක් මුළුමණින්ම විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (23) සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බව වාර්තා වේ.
එග්නා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ මෙම නායයෑම පෙර නොවූ විරූ ව්‍යසනයක් බවයි.

පස්කන්ද කඩා වැටීමෙන් විනාශ වූ නිවෙස්තුළ සිරව ඇති පිරිස් ගලවා ගැනීම සදහා මේවන විට සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ යුහුසුළුව ක්‍රියා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape පවසා ඇත්තේ, මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න