පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේදී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ අදහස් දක්වා සිටියේ දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතියගේ ගුණානුස්මරන උත්සවයක් අමතමිනි.
පොහොර නොමැතිවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ ඇතිවී ඇති අර්බුදය නිසා ගොවියාට යන එන මං නැති වී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ඇතිවූ විශාලම ඛේදවාචකය මේ වන විට දක්නට ලැබෙන බව ද එහිදී සඳහන් කළේය.
‘මේ තත්වය තුළ තව ටික දවසකින් මටත් පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ’ යැයි කී හිටපු ජනාධිපතිවරයා ‘ගොවීන් තුළ ඇති ආවේගය, සංවේදීතාව, පීඩනය නිසා මටත් එන්න එපා කියන්න පුළුවන්’ යැයි කීවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
