කරන්නාගොඩගේ අධිචෝදනා ඉවත්කර ගැනීමට එරෙහිව පෙත්සමක් !

කරන්නාගොඩගේ අධිචෝදනා ඉවත්කර ගැනීමට එරෙහිව පෙත්සමක් !

අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි, ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබේ. එම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ, අතුරුදන් වූ දරුවන්ගේ ඥාතීන් 04 දෙනෙකු විසිනි.

2008 / 2009 වසරවලදී කොළඹ දී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්න කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

එම විත්තිකරු ඇතුළු සෙසු විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා සම්බන්ධයෙන් පවතින සාක්ෂි නැවත අධ්‍යයනය කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යූහාන් අබේවික්‍රම මහතා අධිකරණය හමුවේ පැවසී ය.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩි. කේ. පී. දසනායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවේ සාක්ෂි නිසි ලෙස අධ්‍යයන කිරීමෙන් අනතුරුව නොවේදැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නීතිපතිවරයාගෙන් විමසා සිටියේ ය.

නඩුව ලබන දෙසැම්බර් මස 03 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

(News 1st )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න