කටුනායක ගුවන් තොටුපළ PCR පරීක්ෂණාගාරය වැහුවේ ඇයි ?

කටුනායක ගුවන් තොටුපළ PCR පරීක්ෂණාගාරය වැහුවේ ඇයි ?

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කළ PCR පරීක්ෂණාගාරය වසා දමා ඇත්තේ හෝටල් නිරෝධායන ගජමිතුරන්ට වාසි සැලසීමටද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල ප්‍රශ්න කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඇමරිකානු ඩොලර් මිලියන 6 ක් , නැත්නම් රුපියල් ලක්ෂ 7000ක් පමණ වියදම් කර ඉදිකර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විවෘත කර පැය 24ක් ඉක්මයන තැන PCR පරීක්ෂණාගාරය වසා දැමුණු බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

මෙම PCR පරීක්ෂණාගාරයේ වැදගත්කම සිහිපත් කළ මන්ත්‍රීවරයා ඒ හරහා විදේශ ගතව සිට මෙරටට පැමිණෙන්නන්ට වගේම විදෙස් සංචාරකයන් පැය කිහිපයක් තුළ පරීක්ෂා කර ගැනීම් සිදුකර ගැනීමට අවස්ථාව තිබූ බවත් පැවසීය.

නමුත් දැන් එය වසා දමා ඇති බැවින් යළිත් හෝටල් නිරෝධායන මාෆියාව ක්‍රියාත්මකවීමක් සිදුව ඇති බවත් පෙන්වා දුන්නේය.

එසේම මාධ්‍ය මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලබාදුන් පිළිතුර පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න