ලසන්ත ඝාතනය ගැන නීතිපතියේ තවත් දැනුම්දීමක් !

ලසන්ත ඝාතනය ගැන නීතිපතියේ තවත් දැනුම්දීමක් !

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න අත් අඩංගුවට පත් වීමේ අවධානමක් නැති බව, නීතිපති ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දි ඇත.

ලසන්ත වික‍්‍රමතුංග මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (ශානි අබේසේකර එහි අධ්‍යක්ෂ ධූරය දැරූ සමයේ දී), ලසන්ත ඝාතනයට සම්බන්ධ තොරතුරු විනාශ කළ බවට චෝදනා කරමින් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත්තේ ය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව , හිටපු පොලිස්පතිවරයා වූ ජයන්ත වික‍්‍රමරත්න අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේ දී හිටපු පොලිස්පතිවරයා, තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

තමන් අත් අඩංගුවට ගැනීව වළක්වන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගැනිණ.

එම අවස්ථාවේ දී නීතිපති නියෝජනය කරමින් පැමිණි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ, හිටපු පොලිස්පතිවරයා අත් අඩංගුවට පත්වීමේ අවදානමක් නැති බවයි.

ඒ අනුව, හිටපු පොලිස්පතිවරයා ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ දිනයේ දී ඉල්ලා අස්කරගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න