Image

මාලිමා ආණ්ඩුව කැඳවාගෙන ආ ආයෝජකයෝ කවුද...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුව කැඳවාගෙන ආ ආයෝජකයෝ කවුද...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුව බලයට පැමිණි දා සිට අවම වශයෙන් ඩොලර් මිලියන 200ක ඍජු ආයෝජනයක් රැගෙන ආවේ කවුදැයි  දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක විමසී ය.

ඔහු මෙලෙස විමසුවේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ලංකාවට හොඳ ම විදේශ ආයෝජන පැමිණියේ 1977 වසරේ සිට 1994 වසර දක්වා පමණක් බව ඔහු අවධාරණය කළේ ය. එමෙන් ම ඩයලොග් ආයතනයේ සිට හැව්ලොක් සිටි දක්වා ද ඉන්ධන බෙදා හැරීමේ සියලු ආයතන ද ආරම්භ කර ඇත්තේ ලංකා බැංකුවෙන් හෝ මහජන බැංකුවෙන් මිලියන සිය ගණන් ණයට ලබාගෙන යැයි ද හෙතෙම පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න