කළු දිලීර රෝගයෙන් මිය ගිය මෙරට පළමු මරණය වාර්තා වෙයි

කළු දිලීර රෝගයෙන් මිය ගිය මෙරට පළමු මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු කළු දිලීර රෝගයට භාජනය වූ පුද්ගලයෙකු මරණයට පත්වී ඇත. 

කළු දිලීර රෝගයෙන් මෙරටින් වාර්තා වන පළමු මරණය මෙයයි.

කරාපිටිය රෝහලේදී මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකර තිබූ වැඩිදුර පරීක්ෂණයකදී ඔහුට කළු දිලීරය ආසාදනය වී තිබූ බව තහවුරු වී ඇත.

පසුගිය සැප්තැම්බර් මස 26 වනදා එම පුද්ගලයා කරාපිටිය රෝහලේදී මියගොස් තිබුණි.

වයස අවුරුදු 56ක් වූ එම පුද්ගලයාගේ මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී සිදු කෙරුණි.

එහිදී, කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණිය තීරණය කර තිබුණේ ඔහුගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමටය.

එම සාම්පල සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණවල වාර්තාව ඉකුත් දා කරාපිටිය රෝහල වෙත ලැබී තිබුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ අදාළ පුද්ගලයාගේ ශරීර කොටස්වල කළු දිලීරය තිබූ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න