සඳුදා හැදූ සමාගමෙන් අඟහරුවාදා නැනෝ යූරියා ගෙනල්ලා - විජිත

 සඳුදා හැදූ සමාගමෙන් අඟහරුවාදා නැනෝ යූරියා ගෙනල්ලා - විජිත

පසුගියදා 19 වනදා අඟහරුවාදා ශ්‍රි ලංකාවට හදිසියේ ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙන්වූ සමාගම නිර්මාණය කර ඇත්තේ පසුගිය 18වනදා එනම් සඳුදා දිනයේදී බව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සිදු කළ අනාවරණයක් මගිණි.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මෙම සමාගම සඳහා මුදල් ගෙවීමේදී ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීම මත මීට දින හතරකට පෙර මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ හදිසියේ ආරම්භ කළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් (එක්සත් ගොවි අරමුදල) නම් ගිණුමකට රජයේ මුදල් රුපියල් විසිනව කෝටි තිස් දෙලක්ෂයක් (රු. 293,200,000) බැර කර ඇති බවත් ඒ බව පාර්ලිමේන්තුවට හෝ අමාත්‍ය මණ්ඩලයට දන්වා නැති බවත් මන්ත්‍රී විජිත හේරත් හෙළිදරව් කළේය.

පසුගිය 18 වැනිදා ආරම්භ කළ මෙම සමාගමට විසි නව කෝටි තිස් දෙලක්ෂයක් බැර කළද මේ වනවිට ගෙවා ඇත්තේ නව කෝටියකට ආසන්න මුදලක් වන අතර මේ වනවිට ඉදිරි රුපියල් කෝටි 20කට අධික මුදල රුපියල්වලට පරිවර්තනය කරන ලෙසට එහි අධ්‍යක්ෂවරුන් වන මොහාන් ටී පෙරේරා, ජී.එම් වීරසිංහ නැමැත්තන් විසින් මහජන බැංකුවට ඉල්ලීම් කර ඇති බවද ඔහු තවදුරටත් අනාවරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න