Language Switcher

V2025

කුමන්ත්‍රණ පරයා පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉල්ලූ වෙරෝනා සටන…….

ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙන් ආරම්භව ලොව වටා සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන්ගේ එකතුවෙන් සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකිරීම හා වින්දිතයින්ට යුක්තිය ඉල්ලා කරන විරෝධතා උද්ඝෝෂණයේ තවත් එක් අති සාර්ථක සංදිස්ථානයක් ඉතාලියේ වෙරෝනා නගරයේදී නිමාවට පත්විය…..

ඉතාලි පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ හා නගරසභා නියෝජනය නිසා ජාත්‍යන්තර අවධානය වඩාත් තීවෘ වේ…….

වෙරෝනා උද්ඝෝෂණ ව්‍යාපාරය අති සාර්ථක සංදිස්ථානයක් සනිටුහන් කරමින් වෙරෝනා නගරය නියෝජනය කරමින් ඉතාලි පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔන්චිරෝ මාස්කියෝ On Ciro Maschio මහතා සභභාගී වෙමින් සියලු ජාතීන් අතර සමගියේ අවශ්‍යතාවත්, කුඩා දරුවන් ඇතුලු අහිංසක මිනිසුන් මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමත් එය දේශපාලන බලය වෙනුවෙන් යොදා ගැනීමත්,මේවන විට ‍යුක්තිය ඉටුනොවීමත් වහාම යුක්තිය ඉටුකළ යුතුබවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික විදෙස්ගත ප්‍රජාව සමගින් සෙවනැල්ලක් සේ සිටිමින් යුක්තිය දිනා ගැනීමේ සටනට ජාත්‍යන්තර සහාය ලභා දීමට කටයුතු කරන බවට සපතවිය………..

තවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ දිනෙන් දින දියුණුවන ලෝකයේ යහපත් මානව සම්පත ආරක්ශා කළයුතු අතර තව දුරටත් මෙවැනි ඝාතන,පහරදීම්,බියවැද්දීම් වහාම නතරවිය යුතු බවත් සාමයෙන් ජීවත්වීමේ පරිසරයක් සැමට අත්‍යාවශ්‍ය බවත් ය. එමෙන්ම වෙරෝනා නගරයේ නගරාධිපති තුමා එම අවස්තාවට සහභාගී වෙමින් යුක්තිය ඉටුකිරීමේ අරගලය සවිමත් කරනට සියල්ල සූදානම් කළ සිටියද නොවැලැක්විය හදිසි හේතුවක් නිසා එම විරෝධතා උද්ඝෝෂණ භූමියට නොපැමිණුනද නගරසභා නියෝජිත වරියක් සහභාගී කරවමින් විරෝධතාව සාර්ථක කරගැනීමට තවත් ශක්තියක් එක් කළහ.

ආණ්ඩුවේ කුමන්ත්‍රණ කාරී පිරිස් යුක්ති අරගලය දියකරනට ගත් සියලු උත්සාහ වෙරෝනාවෙන් නිමවෙයි……..

බොලොඤ්ඤාවෙන් ආරම්භ කළ යුක්තිය ඉල්ලන සටන පක්ෂ පාට පංති භේද පසෙකලා සාමූහිකත්වයෙන් කළු කොඩිය හා සිංහ ධජය දෙඅත් දරමින්, ශ්‍රී ලංකන් ඩයස්පෝරාව ලෙස කඳවුරු බඳීම නිසාවෙන් වත්මන් ආණ්ඩුව තුළ ‍යම් තැතිගැන්මක් ඇතිකරවන්නට විය. ඒ මක්නිසාදයත් පාස්කු වින්දිතයින්ගේ කඳුලු මතින් බලයට ඒමත්, සති දෙකෙන් මහ මොළකරුවන් හෙළිකොට යුක්තිය උදාකරනා තවමත් කඩවුනු පොරොන්දුව නිසාවෙනි…

ඒ නිසාවෙන්ම ආණ්ඩුවේ මැර පිරිස් යොදාගනිමින් බොලොඤ්ඤා විරෝධතාව කඩාකප්පල් කිරීමට ගත් පහත් උත්සාහය විවිධ පැතිකඩ ඔස්සේ දිගින් දිගටම වෙරෝනා උද්ඝෝෂණයේ ආරම්භය දක්වාම ක්‍රියාත්මක වෙමින් තිබිණ….

අරගල දියකිරීමේ කූට නාටක සැලසුම් ශිල්පීන් ලෙස කප් ගසා ඇති රාජපක්ෂලා නොයෙක් නොයෙක් ක්‍රම මගින් පක්ෂ පාට පංති භේද දුරලා යුක්තියේ අරගලයට පණ පොවන සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකික පිරිස් බෙදන්නට ගත් උත්සාහයන් සියල්ල ඊයේ (23) වනදින වෙරෝනා නගරයේ පියස්ස බ්‍රා ( Piazza Bra ) හිදී අවසන් විය…..

එය සැබවින්ම යුක්තිය අපේක්ෂාවෙන් සිටින සියලු ප්‍රජාවන්ගේ ජයග්‍රහණයකි…..

තවද වෙරෝනා විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කළ එමිල්,සිහාන්,සුනිල්,සුරංග,ප්‍රනීත්,ඉරාජ්,අර්ජුන ඇතුලු සංවිධායක මණ්ඩලයත් විවිධ ආයතනත් එක්ව මනා සැලසුමක් සහිතව සංවිධානය කරතිබූ අතර ඊට වෙරෝනා බෞද්ධ විහාරයේ විරාධිපති ස්වාමීන් වහන්සේ හා වැනීසියේ තුසිත සෝලංගාරච්චි පියතුමාද එක්වී අදහස් දැක්විය…. ඒ මොහොත වනතුරුම යුරෝපයේ වෙසෙන, ආණ්ඩුවේ කඩාකප්පල් කාරී පිරිස් සමාජ මාධ්‍ය හරහා උද්ඝෝෂණ මාලාවේ ආරම්භයේ සිටම සද්භාවයෙන් සක්‍රීයව කියා කළ පිරිස් වෙත මඩ ප්‍රහාර එල්ල කලද සංවිධායක මණ්ඩලේ ආරාධිත අදහස් දැක්වීම් ලෙස ජර්මනියේ සිට පැමිණි සිවිල් ක්‍රියාකාරීනී,නීතීඥ ටිකිරි සුභාෂිණි විෆ්ලර්, මිලානෝ නගරය නියෝජනය කරමින් අසේල දාබරේ, රොෂාන් ලෝව්, ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි වෛද්‍ය චමිර නිලංග යන අය පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොවීම හා ඉන් යුක්තියට එල්ලව බරපතල අසාධාරණය ගැනත් චූදිතයන් රජයේ සාක්ෂි කරුවන් වීමට ඇති ඉඩකඩ හා සිදුවන අනර්ථය ගැන අදහස් දැක්වීය. තවත් වෙරෝනා නගරයේ පිරිස් කීප දෙනෙක් අදහස් දැක්විය……

එමෙන්ම උද්ඝෝෂණය අතර තුළ ඉතාලි ජාතිකයන් මෙන්ම වෙනත් විදේශිකයන් උද්ඝෝෂණයේ අරමුණ පැහැදිලි කරනමෙන් ඉල්ලමින් අවසන වසර දෙක හමාරක්, මාස 30ක් තිස්සේ යුක්තිය ඉටුනොවීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කළේ වත්මන් පාලකයන් දැඩි දෝශ දරශණයට ලක්කරමිනි.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ.

ඉතාලිය.